මෙම වාර්තාව මගින් දිට්වා (Ditwha) සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් මාලාව ලේඛනගත කරමින් විග්‍රහ කරන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන දරුනු කාලගුණික සිදුවීම්වල පුළුල් පරසයක් තුළ මෙම සිදුවීම සිදුවි ඇති බව පෙන්වා දෙයි.
මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම සහ කාලගුණ රටා වෙනස් වීම හේතුවෙන් කලාපය තුළ සුළි කුණාටු සහ අධික වර්ෂාපතනය තීව්‍ර වන බව විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කරයි. දිට්වා සුළි කුණාටුව මෙම ප්‍රවණතාවය මැනවින් පිළිබිඹු කරන අතර, දේශගුණික විපර්යාස යනු තවදුරටත් අනාගත අවදානමක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් මුහුණ දෙන වර්තමාන යථාර්ථයක් බව එමගින් අවධාරණය කෙරේ.
පෙනෙන්නට තිබෙන යටිතල පහසුකම් සහ ආර්ථික හානියට ඔබ්බෙන්, ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් සැලකිය යුතු මට්ටමේ සමාජ-පාරිසරික අලාභ හා හානි (Loss and Damage) සිදුවී ඇති අතර, ඒවා විධිමත් ප්‍රතිසාධන සහ වන්දි ගෙවීමේ යාන්ත්‍රණයන් තුළ තවමත් හඳුනාගෙන නොමැත. මේවාට මිනිස් ජීවිත අහිමි වීම, මානසික කම්පනය, අධ්‍යාපනය කඩාකප්පල් වීම, සංස්කෘතික භාවිතයන් පිරිහීම මෙන්ම වනාන්තර, කෘෂිකාර්මික ඉඩම් සහ ජෛව විවිධත්වය වැනි පරිසර පද්ධතිවලට සිදුවූ හානිය ඇතුළත් වේ.
ජනතවගෙ සාක්ෂි, භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සිතියම්ගත දත්ත සහ ලේඛනගත සොයාගැනීම් ඇතුළත් කරගනිමින්, මෙම වාර්තාව පීඩාවට පත් ජනතාවගේ අත්දැකීම්වලට ප්‍රමුඛතාවය ලබා දෙයි. එමෙන්ම, හදිසි සහන සහ ප්‍රතිසාධන කටයුතුවලදී ප්‍රජා නායකයින් සහ ප්‍රාදේශීය ජනතාව ඉටුකළ කාර්යභාරය ඇතුළුව, ප්‍රජාවන්ගේ අවදානම මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවද මෙහිදී ඉස්මතු කෙරේ.
Related Posts
-

காலநி சைக்லோன் டிட்வாவின் நஷ்டமும் சேதமும்: புதிய வெளியிட்ட மதிப்பாய்வின் மூலம் பேரழிவின் மறைந்த மனிதக் கட்டணத்தை வெளிப்படுத்துகிறது; க்ரீன்பீஸ் தென் ஆசியா பருவநிலை பொறுப்புத் தன்மையை கோருகிறது
கொழும்பு, மார்ச் 3, 2026: கிரீன்பீஸ் தெற்காசியா அதன் வெளியீடு சுருக்கம் 4.0 ஐ வெளியிட்டுள்ளது: சூறாவளி டிட்வாவின் இழப்பு மற்றும் சேதம்: ஒரு காலநிலை மாற்ற பொறுப்புக்கூறல். இந்த சுருக்கம், சூறாவளி டிட்வாவால் ஏற்பட்ட விரிவான அழிவை விவரிக்கிறது மற்றும்…
-

දිට්වා සුළි කුණාටුවේ හානි හා අලාභයන්: ව්‍යසනයේ සැගවුණු මානුෂීය පිරිවැය හෙළිදරව් කරන වාර්තාව හරහා දකුණු ආසියානු ග්‍රීන්පීස් සංවිධානය(Greenpeace South Asia) දේශගුණික වගවීම ඉල්ලා සිටියි
කොළඹ, 2026 මාර්තු 03: දකුණු ආසියානු ග්‍රීන්පීස් (Greenpeace South Asia) ආයතනය විසින් තම නවතම වාර්තාව වන “දිට්වා සුළි කුණාටුවේ හානි හා අලාභයන්: දේශගුණික වගවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්” (Issue Brief…
-

CYCLONE DITWAH’S LOSS AND DAMAGE: A CASE FOR CLIMATE ACOUNTABILITY
This issue brief documents and analyzes the range of impacts caused by Cyclone Ditwah, situating the event within the broader context of climate change induced extreme weather events. Scientific evidence…