මෙම වාර්තාව මගින් දිට්වා (Ditwha) සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් මාලාව ලේඛනගත කරමින් විග්රහ කරන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන දරුනු කාලගුණික සිදුවීම්වල පුළුල් පරසයක් තුළ මෙම සිදුවීම සිදුවි ඇති බව පෙන්වා දෙයි.
මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම සහ කාලගුණ රටා වෙනස් වීම හේතුවෙන් කලාපය තුළ සුළි කුණාටු සහ අධික වර්ෂාපතනය තීව්ර වන බව විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කරයි. දිට්වා සුළි කුණාටුව මෙම ප්‍රවණතාවය මැනවින් පිළිබිඹු කරන අතර, දේශගුණික විපර්යාස යනු තවදුරටත් අනාගත අවදානමක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් මුහුණ දෙන වර්තමාන යථාර්ථයක් බව එමගින් අවධාරණය කෙරේ.
පෙනෙන්නට තිබෙන යටිතල පහසුකම් සහ ආර්ථික හානියට ඔබ්බෙන්, ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් සැලකිය යුතු මට්ටමේ සමාජ-පාරිසරික අලාභ හා හානි (Loss and Damage) සිදුවී ඇති අතර, ඒවා විධිමත් ප්‍රතිසාධන සහ වන්දි ගෙවීමේ යාන්ත්‍රණයන් තුළ තවමත් හඳුනාගෙන නොමැත. මේවාට මිනිස් ජීවිත අහිමි වීම, මානසික කම්පනය, අධ්‍යාපනය කඩාකප්පල් වීම, සංස්කෘතික භාවිතයන් පිරිහීම මෙන්ම වනාන්තර, කෘෂිකාර්මික ඉඩම් සහ ජෛව විවිධත්වය වැනි පරිසර පද්ධතිවලට සිදුවූ හානිය ඇතුළත් වේ.
ජනතවගෙ සාක්ෂි, භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සිතියම්ගත දත්ත සහ ලේඛනගත සොයාගැනීම් ඇතුළත් කරගනිමින්, මෙම වාර්තාව පීඩාවට පත් ජනතාවගේ අත්දැකීම්වලට ප්‍රමුඛතාවය ලබා දෙයි. එමෙන්ම, හදිසි සහන සහ ප්‍රතිසාධන කටයුතුවලදී ප්‍රජා නායකයින් සහ ප්‍රාදේශීය ජනතාව ඉටුකළ කාර්යභාරය ඇතුළුව, ප්රජාවන්ගේ අවදානම මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවද මෙහිදී ඉස්මතු කෙරේ.
Related Posts
-

Greenpeace South Asia Urges Sri Lanka to Include Indigenous and Local Community Consent in Coastal Area Management
Colombo, 25th August 2026 – Following a meeting with Fisheries Minister Ramalingam Chandrasekar on 17th August, a formal letter was delivered by Greenpeace South Asia to the Minister in person,…
-

වෙරළබඩ කලාප කළමනාකරණ ක්‍රියාවලියට ආදිවාසී සහ ප්‍රාදේශීය ප්රජාවන්ගේ එකඟතාව ඇතුළත් කරන ලෙස Greenpeace South Asia සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි
කොළඹ, 2026 අගෝස්තු 25 – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා සමඟ අගෝස්තු 17 වන දින පැවති හමුවකින් අනතුරුව, වෙරළබඩ සංවර්ධන, සංරක්ෂණ සහ ඉඩම් භාවිතය පිළිබඳ තීරණ ගැනීමට පළමුව, ආදිවාසී ජනතාවගේ සහ ප්‍රාදේශීය ප්රජාවන්ගේ නිදහස්, පූර්ව සහ දැනුවත් එකඟතාව (FPIC) තහවුරු කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලමින් Greenpeace South Asia සංවිධානය විසින් පෞද්ගලිකව ම…
-

கரையோர பகுதிகளின் நிர்வாகத்தில் பழங்குடியின மக்கள் மற்றும் உள்ளூர் சமூகங்களின் ஒப்புதலை உறுதிசெய்ய இலங்கையை வலியுறுத்தும் கிரீன்பீஸ் தெற்காசியா
கொழும்பு, 25 ஓகஸ்ட் 2026 – கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகருடன் கடந்த ஓகஸ்ட் மாதம் 7ஆம் திகதி இடம்பெற்ற சந்திப்பினை தொடர்ந்து, கரையோர அபிவிருத்தி, பாதுகாப்பு மற்றும் நிலப் பயன்பாடு தொடர்பான தீர்மமானங்கள் எடுக்கப்படுவதற்கு முன்பாக, பழங்குடியின மக்கள் மற்றும் உள்ளூர் சமூகங்களிடமிருந்து சுதந்திரமான,…