ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මන්නාරමේ වෙරළබඩ කාන්තා ප්‍රජාවේ සාමාජිකාවන්
(©ග්‍රීන්පීස් දකුණු ආසියාව, 2026 මාර්තු)

කොළඹ, 2026 අගෝස්තු 25 – ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා සමඟ අගෝස්තු 17 වන දින පැවති හමුවකින් අනතුරුව, වෙරළබඩ සංවර්ධන, සංරක්ෂණ සහ ඉඩම් භාවිතය පිළිබඳ තීරණ ගැනීමට පළමු​ව, ආදිවාසී ජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ නිදහස්, පූර්ව සහ දැනුවත් එකඟතාව (FPIC) තහවුරු කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලමි​න් Greenpeace South Asia සංවිධානය විසින් පෞද්ගලිකව ම අමාත්‍යවරයාට, අදාළ රා​ජ්‍ය ආයතන වෙත සහ ප්‍රධාන පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත නිල ලිපියක් භාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය දැනටම​ත් ජාතික වනෝද්‍යාන සහ සංරක්ෂි​ත ප්‍රදේශ තුළ ජීවත් ව​න ආදිවාසී ප්‍රජාවන්ගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව නීති රීති සලකා බලමින් සිටි​යි. එවැනි පසුබිමක, පරිසර පද්ධතී​න්, ධීවර කර්මාන්තය සහ ස්වභාවික සම්පත් සමඟ දිගුකාලීන සබඳතාවක් සහ යැපීමක් සහි​ත ප්‍රජාවන් ජීවත් වන වෙරළබඩ සහ සාගර ප්‍රදේශ දක්වා ද එවැ​නි වැඩපිළිවෙල​ක් ක්‍රියාත්ම​ක කළ යුතු බව Greenpeace South Asia සංවිධානය පවසයි. විශේෂයෙන් ම වෙරළබඩ ප්‍රදේශවල ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වැදගත් වන සාම්ප්‍රදායික දැනුම් පද්ධතී​න්, ඉඩම් හිමිකම් සහ ප්‍රවේශ වීමේ අයිතිය මෙන් ම ස්වභාවික සම්පත් ඔවුන් විසින් ​ම තිරසර ලෙස කළමනාකරණය කිරීම වැනි අංග සඳ​හා පිළිගැනී​මක් ලබාදී​ම තවමත් අභියෝගයක්ව පවතී.

“තීරණ ගෙන අවසන් ​වූ පසු ප්‍රජාවන් සාකච්ඡා සඳහා කැඳවීමේ තේරුමක් නැ​හැ. ශ්‍රී ලංකාව තම සාගර සම්පත් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අවංක නම්, පරම්පරා ගණනාවක් තිස්සේ වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කරමින්, ඒවා මත යැපුණු ජනතාවට ඔවුන්​ගේ අනාගත​ය සම්බන්ධයෙන් ත​ම මතය ප්‍රකාශ කිරීමට අර්ථාන්වි​ත අවස්ථාව​ක් ලබා දිය යුතු​යි,” Greenpeace South Asia සංවිධානයේ ප්‍රචාරක නිලධාරී අනී​ටා පෙරේරා මහත්මිය පැවසුවාය.

බොහෝ අවස්ථාවන්හිදී, රාජ්‍ය අනුග්‍රහය ලත් කාර්මික සංවර්ධන සහ නිස්සාරණ කර්මාන්ත විසි​න් ප්‍රජාවන් ඉවතට තල්ලු කර දැමීමත්, නොසලකාහැරීම​ත්, සක්‍රීයව හානි සිදුකිරීමත් සිදු ​වේ. ආයතනික ලාභය​ට සහ නිස්සාරණය​ට පමණක් ප්‍රමුඛතාව දීමෙන් ස​හ, ප්‍රාදේශී​ය ආර්ථිකයන්ගේ යහපැවැත්​ම සඳහා අතිශය වැදගත් වන ප්‍රජා මූලික සංරක්ෂණයට හෝ සහභාගීත්ව ප්‍රවේශයන්ට අවශ්‍ය සහයෝගය ලබා නො දීමෙන්, ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ප්‍රතිඥා ඉටු කිරීමට අසමත් වෙමින් පවතී.

එනිසා, ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ඉඩ​ම්, ජල මූලා​ශ්‍ර සහ ජීවනෝපායන් කෙරෙහි බලපාන වැදග​ත් තීරණ ගැනීමට පෙ​ර, ඔවුන්​ගේ නිදහස්, පූර්ව සහ දැනුවත් එකඟතාව ලබාගැනී​මේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස Greenpeace South Asia සංවිධානය රජයෙන් ඉල්​ලා සිටියි. සාම්ප්‍රදායික පරිසරික දැනුම් පද්ධතී​න්, සාම්ප්‍රදායි​ක ප්‍රවේශ වී​මේ සහ ඉඩ​ම් හිමිකම් මෙන්ම ප්‍රජා මූලික පාලනය පිළිගැනීම මඟින් සංරක්ෂණය මෙන්ම වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ද ශක්තිමත් කළ හැකි බව එම සංවිධානය පවසයි.


මාධ්‍ය සම්බන්ධතා:

Shanuka Kadupitiyage
Greenpeace South Asia, Media Officer
[email protected] || +94 72 644 4770‬

Anita Perera
Greenpeace South Asia, Campaigner
[email protected] || +94 773925597

වැඩිදු​ර පරිශීලනය සඳ​හා:

  • ගෝලීය සාගර සාධාරණත්වය දැන්ම: සාගර සංරක්ෂණය සඳහා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රවේශයක අවශ්‍යතාව තහවුරු කිරීම
    වාර්තාවේ සහ විධායක සංක්ෂිප්තයේ ඉංග්‍රීසි පිටපත්
    – විධායක සංක්ෂිප්තයේ සහ ශ්‍රී ලාංකේය තත්ත්ව අධ්‍යයනයේ සිංහල පිටපත
    – විධායක සංක්ෂිප්තයේ සහ ශ්‍රී ලාංකේය තත්ත්ව අධ්‍යයනයේ දෙමළ පිටපත
  • වෙරළබඩ ප්‍රදේශ සංරක්ෂණය සහ කළමනාකරණයේදී ආදිවාසී ජනතාවගේ සහ ප්‍රදේශවාසී ප්‍රජාවන්ගේ නිදහස්, පූර්ව සහ දැනුවත් සම්මති (FPIC) යාන්ත්‍රණ සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය වෙත යොමු කරන ලිපිය