“සාකච්ඡාවෙන් එකඟතාව දක්වා: ශ්‍රී ලංකාවේ සාගර සහ වෙරළබඩ පාලනය පිළිබඳ ප්‍රජා හඬ” නම් වාර්තාව මගින් මීගමුව, රැකව , වාකරේ, කල්පිටිය සහ විදත්තල්තිවු යන ප්‍රදේශවල ප්රජාවන්ගේ අත්දැකීම් මෙන්ම උතුරු මන්නාරම පුරා ධීවර ප්‍රජාවේ ප්‍රතිචාර දැක්වූවන් 186 දෙනෙකු ඇසුරින් සිදුකළ සමීක්ෂණයක් ද ලේඛනගත කරයි.
මෙම සංක්ෂිප්තය (Issue Brief) මගින් පෙන්වා දෙන්නේ වෙරළබඩ සහ ආදිවාසී ප්රජාවන්ගේ ජීවිතයට සහ ජීවනෝපායට සෘජුවම බලපාන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට ඇති තීරණාත්මක මැදිහත්වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බවයි. “තීරණ පූර්ණ වශයෙන් ගත් පසුව බොහෝ විට ප්‍රජා සාමාජිකයන් සමඟ තොරතුරු බෙදා ගනු ලැබේ; තාක්ෂණික සැලසුම්කරණයේදී ප්‍රදේශයේ පාරිසරික දැනුම අඛණ්ඩව ඇතුළත් නොකෙරේ; භාෂාමය සහ පරිපාලනමය බාධා මඟින් සහභාගීත්වය සීමා කෙරේ; තමන්ගේ ඉඩම්, ජල මූලාශ්‍ර සහ ජීවනෝපායන්ට බලපාන තීරණ ප්‍රශ්න කිරීමට ප්‍රජාවන්ට ඇත්තේ සීමිත හැකියාවකි.”
ආදිවාසී ජනයා සහ දේශීය ප්‍රජාවන් හුදෙක් පාර්ශවකරුවන් (stakeholders) ලෙස පමණක් නොව, හිමිකම් දරන්නන් (rights-holders) සහ තම ප්‍රදේශවල ප්‍රධාන භාරකරුවන් (primary stewards) ලෙස පිළිගත යුතුය. ව්‍යාපෘති සහ සංරක්ෂණ පියවර තීරණය කිරීමට පෙර, ඔවුන්ගේ දැනුම සහ එකඟතාව මගින් එම තීරණ සකස් විය යුතුය.

